මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ 61 අතුරින් මරණ 30ක්ම වාර්තා වී ඇත්තේ මෙම ජූලි මාසයේදී බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,011 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඊයේ දිනය තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 500 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම සංඛ්‍යාව අසූ දෙදහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
මේ අතර, මෙරට ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව (යුද දෙපාර්තමේන්තුව) විසින් අදාළ වැඩසටහන් සඳහා මුල්‍ය සහය සහ අරමුදල් සම්පාදනය කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.














