ලොව විශාලතම අධ්‍යාපන සහ නිපුණතා අමාත්‍යවරුන්ගේ හමුව වන ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක අධ්‍යාපන සංසදය 2026 (Education World Forum 2026) සඳහා ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහභාගි වී සිටියි. කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පූර්ණ සහයෝගය ඇතිව සිදුවන මෙම සහභාගිත්වය, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් අධ්‍යාපන සහයෝගිතාව තවදුරටත් පිළිඹිබු කරන්නකි. අනාගතයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේද සැකසීම, කෘත්‍රිම බුද්ධිය (AI) අධ්‍යාපනයට බද්ධ කිරීම, තිරසාරභාවය, නිපුණතා සංවර්ධනය සහ සැමට ගුණාත්මක අධ්‍යාපනයක් සමසේ ලබාදීම වැනි ප්‍රධාන කරුණු රැසක් පිළිබඳව ලොව පුරා සිටින අමාත්‍යවරුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.














