ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟ, ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඉන්ධන මිලදී ගන්නා සිංගප්පූරු ප්ලැට්ස් වෙළඳපොළේ ඩීසල් මිල ද කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ නවතම සටන් විරාම එකඟතාව හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළේ ඇති වූ ලිහිල්භාවය මෙම මිල පහත වැටීමට සෘජුවම බලපා ඇත.
මෙම නවතම තත්ත්වය තුළ සිංගප්පූරු ප්ලැට්ස් වෙළඳපොළේ ඩීසල් බැරලයක මිල ඩොලර් 127.02 ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ. පවතින විනිමය අනුපාතයන් සැලකිල්ලට ගනිමින් සිදුකළ ගණනය කිරීම්වලට අනුව, කිසිදු බදු මුදලක්, ප්‍රවාහන ගාස්තු හෝ වෙනත් අමතර පිරිවැයක් රහිතව, කොළඹ වරායට ඩීසල් ලීටරයක් ගොඩබාන පිරිවැය දළ වශයෙන් රුපියල් 255ක මට්ටමක පවතී.
















