දිට්වා ආපදාවෙන් පීඩාවට පත් කිරි ගොවීන්ට සහන සැලසීමේ වැඩසටහන යටතේ ගව නිවාස 878ක් සහ එළු නිවාස 497ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතියේ (IRDCRP) හදිසි අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීමේ සංරචකය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. පළාත් 8ක ගව හා එළු නිවාස ඉදිකිරීමේ සමාරම්භක උත්සවය අවුලේගමදී පැවැත්වුණා.
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,178.5ක් වැය කිරීමට නියමිතයි. දිට්වා ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ ගව ගාලක් වෙනුවෙන් එක් කිරි ගොවියෙකුට රුපියල් ලක්ෂ 15ක මූල්‍ය ආධාරයක් ලබාදීමට නියමිත බවද සඳහන්.














