ශ්‍රී ලංකාවේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින්, ආහාර සම්බන්ධ නියාමන හා සහතිකකරණ ක්‍රියාවලීන් විධිමත් කිරීම පිළිබඳ විශේෂ වැඩමුළුවක් ඊයේ (23) කොළඹදී පැවැත්වුණා.
අමාත්‍ය වසන්ත සමරසිංහ සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය යටතේ, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) සහයෝගයෙන් සංවිධානය කර තිබුණා.
දැනට පවතින නියාමන ආයතනවල බලතල සහ රෙගුලාසි යාවත්කාලීන කිරීම මෙන්ම අනුකූලතා ඇගයීම් හා පරීක්ෂණ සඳහා ප්‍රතීතනය ලත් රසායනාගාර සහ ආයතන භාවිතය අනිවාර්ය කෙරෙන නීතිමය රාමුවක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
වැඩමුළුවේ සාකච්ඡා සහ යෝජනා ඇතුළත් සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරියේදී අදාළ රේඛීය අමාත්‍යාංශ වෙත ලබාදීමට නියමිතයි. එම නිර්දේශ විශ්ලේෂණය කර ජාතික මට්ටමින් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හඳුනාගනිමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමටද සැලසුම් කර තිබෙනවා.














