මේ ඉරිදා (ජුනි 14) දිවයින’ ඉරිදා පුවත්පත විසින් “විද්‍යුත් දුම්වැටි තහනම පනින රිළවුන්ට ඉනිමං බැඳීමක්” යන මැයෙන් පළ කළ ලිපිය, ඊ සිගරට් සමාගමක අනුග්‍රහයෙන් පළ බව කිව හැකිය. මිට පෙර සතියේද දිවයින ඉරිදා පුවත්පතේ ද මේ ආකාරයේම විද්‍යුත් සිගරට් ප්‍රවර්ධන ලිපියක් පළවිය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථාන වැනි ජාත්‍යන්තර ආයතන මගින් විද්‍යුත් දුම්වැටි මිනිස් සෞඛ්‍යයට අහිතකර සහ ඇබ්බැහි කරවන උපකරණයක් ලෙස නම් කර ඇති පසුබිමක, මෙම පුවත්පත දිගින් දිගටම ඒවා ප්‍රවර්ධනය කිරීම සැකයට තුඩු දෙන්නකි.
‘Prohibition Does Not Work’ (PDNW) නම් සංවිධානයක වාර්තාවක් උපුටා දක්වමින් මෙම පුවත්පත ඉදිරිපත් කරන තර්ක, දුම්කොළ සහ විද්‍යුත් දුම්වැටි සමාගම් විසින් ලෝකය පුරා සිදුකරන ආක්‍රමණශීලී වෙළඳ ප්‍රචාරණ උපාය මාර්ගවලට අනුගත වන බව කිව හැකිය. විද්‍යාත්මකව තහවුරු කර ඇති පරිදි, විද්‍යුත් දුම්වැටිවල ඇති නිකොටින් සහ විෂ රසායනික ද්‍රව්‍ය පෙනහළු හානිය සහ ස්නායු පද්ධතියේ වර්ධනය අඩපණ කිරීමට ප්‍රධාන හේතුවකි. එසේ තිබියදී, මහජන මතය හැඩගස්වන ප්‍රධාන පෙළේ පුවත්පතක් මෙවැනි මාරාන්තික නිෂ්පාදනයක් සාධාරණීකරණය කිරීම, මාධ්‍ය සදාචාරය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කර ඇත.
මෙම අගතිගාමී වාර්තාකරණයන් පිටුපස දුම්කොළ සමාගම්වල මූල්‍ය අනුග්‍රහය පවතින බවට සමාජ ක්‍රියාකාරීන් සැක පළ කරති. පුවත්පත් ඉඩකඩ භාවිතා කරමින් සෞඛ්‍ය සම්පන්න සමාජයක් වෙනුවට විෂ සහිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, රටේ අනාගත පරපුරේ යහපැවැත්මට එල්ල කරන තර්ජනයකි. මහජන විශ්වාසය දිනා සිටින මාධ්‍ය ආයතනයක් ආයතනික මුදල් බලයට යටවී ජනතාව නොමඟ යැවීමට කටයුතු කරන්නේ නම්, එය රටේ බුද්ධිමය අවකාශයට සහ සෞඛ්‍ය ප්‍රතිපත්තියට කරන ලද ද්‍රෝහී ක්‍රියාවක් බව සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කරති.
















