ශ්‍ර්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්‌තා අනුව අද (20) දින අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.90ක් ලෙස සටහන් විය. එමෙන්ම අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනයේදී රුපියල් 331.50ක් ලෙස වාර්‌තා වේ.
පසුගිය සිකුරාදා (17) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.78ක් ලෙස සටහන්ව තිබිණි. ඒ අනුව පෙර දිනට සාපේක්ෂව අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
විදේශ විනිමය අනුපාතිකවල සිදුවන මෙම වෙනස්කම් දෛනික පදනමින් වාර්‌තා වන අතර, වෙළෙඳපොළ තුළ පවතින විනිමය අනුපාත අනුව එම අගයන් තීරණය වේ. මුල්‍ය වෙළෙඳපොළේ සිදුවන මෙම උච්ඡාවචනයන් දේශීය ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර කෙරෙහි බලපෑම් ඇති කරයි.














