‘රටම එකට’ ජාතික මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් ජූලි 14 වන දින පමණක් සැකකරුවන් 824 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්විය. මෙම මෙහෙයුම් මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 401ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 713ක්, ගංජා කිලෝග්‍රෑම් 671ක් සහ කුෂ් කිලෝග්‍රෑම් 187ක් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. අදාළ සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් 02 දෙනෙකුගේ නීති විරෝධී දේපළ විමර්ශන ආරම්භ කර ඇති අතර, තවත් සැකකරුවන් 04 දෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි. දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම සහ සැපයුම මුලිනුපුටා දැමීමේ අරමුණින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.













