අධික පිෂ්ඨය සහිත සහ අධික තෙල් සහිත ආහාර පාසල් ආපනශාලා තුළ විකිණීම තහනම් කරමින් මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛය උල්ලංඝනය කරන ආපනශාලා හිමිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පෙන්වා දෙන්නේ පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් නිකුත් කර ඇති අදාළ චක්‍රලේඛයේ මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදීමට සියලු පාර්ශ්ව කටයුතු කළ යුතු බවයි.














