තමන්ගේම දියණිය විදේශගතව සිටින අතරතුර, ඇයගේ දියණිය එනම් සිය මිනිබිරියව බිරිඳ කරගත් 74 හැවිරිදි පුද්ගලයෙකු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය සංවේදී තොරතුරු අනාවරණය වී ඇත. මෙම සිදුවීමට අදාළ කාන්තාව පවසා ඇත්තේ එම පුද්ගලයා හෙවත් සිය සීයා සෑම රාත්‍රියකම සිය කාමරයට පැමිණෙන බවයි. එමෙන්ම ඇයට හොඳින් ඇසීමේ ශක්තියක් නොමැති බවද සඳහන් වේ.
මෙම අවාසනාවන්ත සිදුවීම හරහා ඔවුන්ට මාස 3ක් වයසැති දරුවෙකුද සිටින බව වාර්තා වේ. දැනටමත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කම්පනයක් ඇතිවී තිබෙන අතර, වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බවට සමාජ මාධ්‍ය පරිශීලකයින් හඬ නඟමින් පවතී.
















