‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පාලනය කිරීම සඳහා පනවා තිබූ මහජන හදිසි නීති තත්ත්වය මෙම මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (ජූලි 01) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.
















