රාජ්‍ය භාෂා සතියට සමගාමීව රජයේ කාර්යාලවල මහජන සේවා සඳහා බහුලව භාවිත වන පොදු ආකෘති පත්‍ර 23ක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කර අන්තර්ජාලයට මුදා හැරීම අද (ජූලි 01) සිදු විය. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙළ දියත් කෙරිණි.
www.moha.gov.lk වෙබ් අඩවිය හරහා මෙම ආකෘති පත්‍ර පහසුවෙන් බාගත කරගත හැකි අතර, ඉඩම් හා සමාජ සේවා දීමනා මෙන්ම විවිධ බලපත්‍ර ලබාගැනීමට අදාළ අයදුම්පත් ඒ අතර වේ. සෑම පුරවැසියෙකුටම තම මව් භාෂාවෙන් රාජ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කිරීම සහ බහු භාෂාමය සමාජයක් ලෙස රාජ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම මෙහි අරමුණයි.
















