රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය සහ ප්‍රමුඛතා ඖෂධවල බරපතල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල දත්ත වාර්තා පෙන්වා දෙයි. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ, පසුගිය ජුනි 16 වන දින ඖෂධ තොග කළමනාකරණ පද්ධතිය හරහා යාවත්කාලීන කළ දත්ත අනුව මෙම අර්බුදය ඉතා පැහැදිලි බවයි.
වෛද්‍ය සැපයුම් අංශය විසින් පාලනය කරනු ලබන ඖෂධ සැපයුම් දාමය තුළ මේ වන විට සැලකිය යුතු හිඩැස් නිර්මාණය වී ඇති අතර, එය රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා බරපතල බලපෑමක් එල්ල කර තිබේ. දිනෙන් දින උග්‍රවන මෙම ඖෂධ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිති.
බලධාරීන් විසින් වහාම මෙම ඖෂධ සැපයුම් පද්ධතියේ පවතින ගැටලු විසඳා, අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව රෝගීන්ට ලබා දීමට කඩිනම් පියවර ගත යුතු බව සෞඛ්‍ය වෘත්තිකයින් වැඩිදුරටත් අවධාරණය කරයි.















