ශ්‍රී ලංකාව පුරා පැවැත්වෙන විවිධ උත්සව සහ විශේෂ සිදුවීම් පිළිබඳ සියලු තොරතුරු එකම තැනකින් ලබාගත හැකි ජාතික මට්ටමේ ඩිජිටල් වේදිකාවක් ලෙස “Sri Lanka Event Calendar” වෙබ් අඩවිය පසුගිය බ්‍රහස්පතින්දා (23) නිල වශයෙන් ආරම්භ කෙරිණි. srilankaevents.lk යන ලිපිනය ඔස්සේ ක්‍රියාත්මක මෙම වෙබ් අඩවිය, දේශීය මෙන්ම විදේශීය ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සංස්කෘතික, ක්‍රීඩා සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට අදාළ නවතම තොරතුරු ලබාදීම සඳහා නිර්මාණය කර ඇත.
මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීමයි. ඒ හරහා විදේශීය සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ප්‍රධාන උත්සව පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර, දේශීය සංවිධායකයින්ට, ව්‍යාපාරිකයින්ට සහ කලාකරුවන්ට සිය සේවාවන් සඳහා නව වෙළඳපල අවස්ථා නිර්මාණය වේ. තාක්ෂණය සහ දේශීය දක්ෂතාවන් ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛතම උත්සව මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමත්, එමගින් විදේශ විනිමය උපයන මාර්ග පුළුල් කිරීමත් මෙහි තවත් එක් අපේක්ෂාවකි.














