රටේ සංචාරක පැතිකඩ සහ ජාත්‍යන්තර දෘශ්‍යතාව ඉහළ නැංවීමේ අරමුණින්, ලෝකප්‍රකට විශ්ව රූ රැජින තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ හැකියාව ගවේෂණය කිරීම සඳහා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් උසස් පෙළ නියෝජිත පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබ ඇත. මෙම හමුව සඳහා විශ්ව රූ රැජින සංවිධානයේ ගෝලීය හවුල්කාරිත්ව උප සභාපතිනි ඔලිවියා ක්විඩෝ, කැරොලයින් ජේ ග්ලෝබල් හෝල්ඩින්ග්ස්හි නිර්මාතෘ මෙන්ම හිටපු ලෝක රූ රැජිනක් වන කැරොලයින් ජූරි ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව සිටීම විශේෂත්වයකි.
මෙම ජාත්‍යන්තර මට්ටමේ මහා සංදර්ශනයක් මෙරටට ගෙන ඒම හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පෙර නොවූ විරූ ලෙස ප්‍රවර්ධනය කර ගැනීමටත්, ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත රටේ සංස්කෘතික හා ස්වභාවික සෞන්දර්යය පුළුල් ලෙස නිරාවරණය කිරීමටත් හැකි වන අයුරු මෙහිදී ගැඹුරින් සාකච්ඡා කර තිබේ. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයකින් පසු යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන රටකට මෙවැනි ගෝලීය ඉසව්වක් මඟින් ලැබෙන පිටුබලය මෙරට සංචාරක කර්මාන්තයට සහ සේවා අංශයට ප්‍රබල උත්තේජනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පරිමාණයේ දැවැන්ත සිදුවීමකට සත්කාරකත්වය සැපයීම මඟින් ශ්‍රී ලංකාව ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මංගල්‍යයන් සහ සංදර්ශන පවත්වනු ලබන ප්‍රමුඛ පෙළේ ගමනාන්තයක් ලෙස ගෝලීය සිතියමේ යළි ස්ථානගත වනු ඇති බව බලධාරීන් විශ්වාසය පළ කරයි. ඉදිරියේදී මෙම සංකල්පය යථාර්ථයක් බවට පත් කරගැනීම සඳහා අදාළ ජාත්‍යන්තර ආයතන සහ දේශීය පාර්ශ්වකරුවන් සමඟ රාජ්‍ය මට්ටමින් තවදුරටත් සාකච්ඡා ක්‍රියාත්මක වනු ඇත.
















