• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Sri Lanka Expo 2027 ප්‍රවර්ධනයට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවය අත්වැල් බැඳගනී

7 September 2026
in දේශීය, පුවත්
Sri Lanka Expo 2027 ප්‍රවර්ධනයට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ  ශ්‍රී ලංකන් ගුවන් සේවය අත්වැල් බැඳගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය වන **”Sri Lanka Expo 2027″** ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය අතර විශේෂ හවුල්කාරිත්වයක් ඇති කරගෙන තිබේ. එහි මූලික පියවරක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් Airbus A321 Neo ගුවන් යානයක් “Sri Lanka Expo 2027” සන්නාම ලාංඡනයෙන් අලුතින් හැඩගැන්වීම පසුගියදා (සැප්තැම්බර් 07) සිදු කරන ලදී.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය, 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන වෙළඳ සහ ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම අරමුණු කරගත් මෙම ප්‍රදර්ශනය හරහා කෘෂිකර්මාන්තය, කාර්මික නිෂ්පාදන, අපනයන සේවා, නවෝත්පාදන සහ සංචාරක ක්ෂේත්‍ර පුළුල් ලෙස ප්‍රදර්ශනය කෙරේ.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් එරන්දික දිසානායක, ව්‍යාපෘති ප්‍රධානි ඉදුමිණී කොඩිකාර, උපදේශක සම්බන්ධීකාරක අනෝමා ප්‍රේමතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ප්‍රදර්ශනය සඳහා ප්‍රමුඛ පෙළේ ප්‍රදර්ශකයින් 750කට අධික සංඛ්‍යාවක් සහ විදේශීය ගැනුම්කරුවන් හා ආයෝජකයින් 1,500කට වැඩි පිරිසක් අපේක්ෂා කෙරෙන අතර, ආයෝජන සංසද (Investment Forum), B2B රැස්වීම්, විලාසිතා දර්ශන සහ සංස්කෘතික සංදර්ශන රැසක්ද මෙයට ඇතුළත් වේ. නව සන්නාමයෙන් සැරසුණු Airbus A321 Neo ගුවන් යානය ඉන්දියාව, ඉන්දුනීසියාව, සෞදි අරාබිය, කටාර්, මාලදිවයින, මලයාසියාව, කුවේටය සහ තායිලන්තය ඇතුළු කලාපයේ රටවල් වෙත ගමන් කරමින් මෙම ප්‍රදර්ශනය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කරනු ඇත.
මීට අමතරව, මෙම ප්‍රදර්ශනය සඳහා පැමිණෙන විදේශීය ගැනුම්කරුවන් සහ ආයෝජකයින් වෙනුවෙන් පිරිමැසුම් පන්තියේ (Economy) ගුවන් ගාස්තු සඳහා 20%ක විශේෂ වට්ටමක් සහ ව්‍යාපාරික පන්තියේ (Business) ගුවන් ගාස්තු සඳහා 10%ක වට්ටමක් ලබා දීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු යොදා ඇත.
Post Views: 4
Previous Post

මාතලේ පවුල් ආරවුලක් දුර දිග ගිහින් 16 හැවිරිදි පුතා තාත්තට පිහියෙන් ඇනලා

Next Post

රස පදම BestWeb.LK 2026 සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

Editor TTV News

Editor TTV News

Next Post
රස පදම BestWeb.LK 2026 සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

රස පදම BestWeb.LK 2026 සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved