සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය තුළ අධිවේගී මාර්ග භාවිතයෙන් ගතවූ දින 04ක කාලය තුළ රුපියල් 196,119,425ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාව යළි පැමිණීම වෙනුවෙන් තවදුරටත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන අතර, පසුගිය දින කිහිපය තුළ පමණක් කොළඹ සිට ලක්ෂ 04ක ජනතාවක් විවිධ ප්‍රදේශ කරා ගමන් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කළේය.
මේ අතර, පසුගිය 09 වනදා සිට ඊයේ (14) දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) රුපියල් මිලියන 600කට අධික වාර්තාගත ආදායමක් උපයා තිබේ. අද (15) සිට සාමාන්‍ය කාර්යාල දින ක්‍රියාත්මක වන බැවින් දුම්රිය සේවාවන් ද සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.














