දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා සහ ගිංගඟ ද්‍රෝණි ආශ්‍රිතව මීට පෙර නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවත් පැය 24 ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (28) පියවර ගෙන තිබේ. පසුගිය දිනවල අඛණ්ඩවපතින වර්ෂාපතනය හේතුවෙන් ජල මට්ටම් ඉහළ යාම නිසා මෙම පියවර ගෙන ඇති අතර, අදාළ ගංගා ආශ්රිත පහත් බිම්වල සහ නිම්නවල ජීවත් වන ජනතාවට සහ මාර්ග භාවිතා කරන්නන්ට පවතින අවදානම පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස බලධාරීන් අනතුරු අඟවා ඇත.
මෙම වර්ෂාපතන තත්ත්වයත් සමඟ ගංගා ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් දෛනික ජනජීවිතයට, ප්‍රවාහන කටයුතුවලට සහ ප්‍රදේශයේ ආර්ථික ක්‍රියාකාරකම්වලට යම් මට්ටමකබධා එල්ල වී ඇති අතර, හදිසි ගංවතුර තත්ත්වයක් හමුවේ ගත යුතු පූර්වාරක්ෂක පියවර පිළිබඳව ආපදා කළමනාකරණ අංශ මඟින් මහජනතාව නිරන්තරයෙන් දැනුවත් කරමින් පවතී. ගංගා ආශ්රිත ප්‍රදේශවල සිදුවිය හැකි අවදානම් තත්ත්වයන් කල්තියා හඳුනා ගනිමින් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීම සහ අදාළ ආයතන සමඟ සමීපව කටයුතු කිරීම මේ මොහොතේ ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ.
ඉදිරි පැය 24 තුළ කාලගුණයේ සිදුවිය හැකි වෙනස්වීම් මත පදනම්ව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන නවතම නිවේදන සහ උපදෙස් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස රියදුරන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ජල ගැලීම් අවම කරගැනීමට සහ ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීමට අදාළ අංශ විසින් ගෙන ඇති ක්ෂණික ක්‍රියාමාර්ග මඟින් ඉදිරි අර්බුදකාරී තත්ත්වයන් සාර්ථකව පාලනය කරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















