ගෝලීය වශයෙන් පවතින දැඩි යුදමය සහ ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද, මෙරට ගොවි ජනතාව ශක්තිමත් කිරීම සඳහා සහන මිලට පොහොර ලබාදීමට වත්මන් රජය කඩිනමින් පියවර ගැනීම පිළිබඳව ගොවි ජනතාව සිය උපරිම ප්‍රසාදය සහ පැසසුම රජය වෙත පළ කර සිටිති. ඒ අනුව, පොළොන්නරුව ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරයට අයත් ජයන්තිපුර මහසෙන් බෙදුම් ඇළ ප්‍රදේශයේ වගා කටයුතුවල නිරත ගොවීන් 330 දෙනෙකු වෙනුවෙන්, ඔවුන්ගේ වගා බිම් කඩිනමින් පෝෂණය කිරීම සඳහා මෙලෙස සහන මිල යූරියා පොහොර ලබාදීමට පියවර ගෙන ඇත.
ගොවි සංවිධාන නිලධාරීන් පෙන්වා දෙන්නේ ජයන්තිපුර ප්‍රදේශයේ පවතින කුඹුරු අක්කර 870ක සමස්ත ගොවිබිම් ප්‍රමාණයක වගා කටයුතු සාර්ථක කරගැනීම උදෙසා මෙලෙස යූරියා පොහොර මිටි 545ක දැවැන්ත තොගයක් ගොවීන් වෙත සාර්ථකව බෙදා හැර ඇති බවයි. ලෝක වෙළෙඳපොළේ පොහොර මිල ගණන් ඉහළ යමින් පවතින මෙවන් අසීරු වටපිටාවක, රජය මැදිහත් වී ගොවියා ණය බරින් මුදවා ගනිමින් සහනදායී ක්‍රමවේදයක් යටතේ හිඟයකින් තොරව පොහොර සැපයීම, ඉදිරි කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට මෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට මහඟු පිටුවහලක් වන බව ද ගොවීහු වැඩිදුරටත් කෘතඥපූර්වකව සඳහන් කරති.














