මෙවර යල කන්නය සඳහා රටේ ගොවි ජනතාවට අත්‍යවශ්‍ය වන රසායනික පොහොර ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි අතිරික්ත පොහොර තොගයක් මේ වන විට රට තුළ සුරක්ෂිතව පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය නිල වශයෙන් පවසයි.
ඒ අනුව, යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර ලබා ගැනීම සම්බන්ධයෙන් ගොවීන්ට පවතින ගැටලු මඟහැරෙනු ඇත. වගා කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය සියලු සැපයුම් තත්ත්වයන් මේ වන විට සපුරා ඇති බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
















