පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, තමන් ඇතුළු කණ්ඩායමක් එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් සහ ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙම සංචාරයට එක් වූ බවයි.
ශ්රී ලංකා පාර්ලිමේන්තුව තුළ Congressional Budget Office (CBO) ආයතනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම වැඩසටහනේ අරමුණක් වී තිබෙනවා.
දින 12ක වැඩසටහන අතරතුර වොෂිංටන් ඩී.සී., බැල්ටිමෝර්, රේලි සහ ටල්සා යන නගරවලදී අමෙරිකානු කොංග්රසය, CBO ආයතනය සහ රාජ්ය ආයතන කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව ලැබුණු බවයි මන්ත්රීවරයා සඳහන් කළේ.














