ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇළ මාර්ගයක් මත ඉදිකිරීමට සැලසුම් කර ඇති ‘Canal-Top Solar’ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයනය මහියංගනයේ වියානා ඇළ ආශ්‍රිතව සිදුකර තිබේ.
කිලෝමීටර් 20කට අධික දිගකින් යුතු මෙම ඇළ මාර්ගය, ජාතික විදුලි පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් එක් කිරීමේ හැකියාව සහ වසර පුරා පවතින ප්‍රශස්ත සූර්යාලෝක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇත.














