මෙරට තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගත් පර්යේෂණ සහ ප්‍රතිපත්තිමය සංවාද ශක්තිමත් කිරීමේ අරමුණින් පවත්වනු ලබන පළමු ජාතික පර්යේෂණ සමුළුව සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේදී සිදු විය. යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය එක්ව සම සත්කාරකත්වය දරන මෙම සුවිශේෂී වැඩසටහන සඳහා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා සහ විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. එම්. සී. තිලකරත්න මහතා ගිවිසුම්ගත වූහ. මෙම පළමු ජාතික පර්යේෂණ සමුළුව එළඹෙන සැප්තැම්බර් 16 සහ 17 යන දිනවල රත්මලාන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.














