දකුණු ආසියාවේ ප්‍රථම මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා ව්‍යාපෘතිය මෙම වසර අවසානයට පෙර
ශ්‍රී ලංකාවේදී ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කැප්ටන් දමින්ද රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.
නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම සේවාව, මුල් අදියරේදී නියමු ව්‍යාපෘතියක් (Pilot Project) ලෙස දියත් කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ භාවිත කෙරෙන එක් ඩ්‍රෝන යානයක් මඟින් මගීන් හය දෙනෙකුට එකවර ගමන් කිරීමේ පහසුකම පවතී.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය සමඟ සාකච්ඡා කර ඊට අදාළ නීතිරීති සහ සිවිල් ගුවන් සේවා සැලසුම් දැනටමත් සකස් කර අවසන්ය. මෙම නියමු ව්‍යාපෘතිය පිළිබඳ ඉදිරි සාකච්ඡා සඳහා තායිලන්තයේ විශේෂ අධ්‍යක්ෂ මණ්ඩලයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව පරීක්ෂණ මට්ටමේ ඩ්‍රෝන යානා අත්හදා බැලීම් සිදු කෙරෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා අනාගතයේදී එයාර් ටැක්සි සේවාව, සංචාරක ව්‍යාපාරය, නාවික සේවා සැපයීම මෙන්ම හදිසි අවස්ථාවලදී සහන සේවා මෙහෙයුම් සඳහා ද මෙම ඩ්‍රෝන යානා භාවිත කිරීමට සැලසුම් කර ඇත. දැනට චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ යුරෝපයේ රටවල් කිහිපයක සාර්ථකව ක්‍රියාත්මක වන මගී ප්‍රවාහන ඩ්‍රෝන ව්‍යාපෘතිවල අත්දැකීම් ද සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව මෙම නවමු අත්දැකීම ලබාදීමට සූදානම් වේ. මේ අනුව, දකුණු ආසියානු කලාපයේ මගී ඩ්‍රෝන සේවාවක් ආරම්භ කරන පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත.
















