මෙරට මත්ස්‍ය සම්පත අඩුවෙමින් පවතින බවට ධීවරයින් සහ මාධ්‍ය මගින් නිකුත් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (NARA) උපදෙස් දී ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පමෙරට මත්ස්‍ය සම්පත අඩුවෙමින් පවතින බවට ධීවරයින් සහ මාධ්‍ය මගින් නිකුත් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (NARA) උපදෙස් දී ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ප#Newslkැවසීය.
පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මත්ස්‍ය සම්පත අඩුවෙමින් පවතින බවට පළවන වාර්තාවල යම් සත්‍යතාවක් පවතින බවයි. සාගර පරිසරයේ සිදුවන වෙනස්වීම්, සාගර දූෂණය, මුහුදු උෂ්ණත්වය ඉහළ යාම, එල් නිනෝ (El Niño) තත්ත්වයන් සහ නීතිවිරෝධී ධීවර ක්‍රමවේද මෙයට හේතු විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම පරීක්ෂණයෙන් මත්ස්‍ය සම්පතේ වත්මන් තත්ත්වය, නිෂ්පාදනයේ සිදුවී ඇති වෙනස්කම් සහ මත්ස්‍යයින්ගේ වාසස්ථානවල සිදුවී ඇති වෙනස්කම් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කිරීමට නියමිතය. ඊට අමතරව, ගැටලුවලට විසඳුම් සෙවීම සහ මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ලබාදෙන ලෙසද NARA ආයතනයෙන් ඉල්ලා ඇති අතර, අදාළ පර්යේෂණ වාර්තාව ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදීමට නියමිතය.














