ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුවන ආහාර නාස්තිය “ජාතික අපරාධයක්” ලෙස හැඳින්විය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. උත්සව අවස්ථාවකදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා මිනිසුන් තුළ විශාල ආකල්පමය වෙනසක් ඇති විය යුතු බවයි.
ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් එක් වේලක් සඳහා බත් පිඟන් දෙකෝටි විසි ලක්ෂයක් පමණ බෙදා දෙනු ලබයි. එහිදී එක් අයෙකු තම බත් පිඟානෙන් බත් ඇටය බැගින් ඉවත දැමුවහොත් එමගින් තවත් පුද්ගලයන් 17,000කට පමණ ආහාර ලබා දිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. මෙම ආහාර නාස්තිය නතර නොකළහොත් එය රටේ අනාගතයට බරපතළ හානියක් වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.













