විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවන ප්‍රේෂණවල වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව 24.5%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. 2025 වසරේ මුල් මාස හතර තුළ මෙරටට ලැබී තිබූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2,460.5ක් වන අතර, මෙම වසරේ (2026) එම කාලසීමාව තුළ එම අගය ඇමරිකානු ඩොලර් මිලියන 3,062.8 දක්වා ඉහළ ගොස් ඇත.
මෑත කාලීනව පැවති ධනාත්මක ප්‍රවණතාව තවදුරටත් අඛණ්ඩව පවත්වා ගනිමින්, පසුගිය අප්‍රේල් මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 767.9ක විදෙස් ප්‍රේෂණ ලැබී තිබේ. මෙය 2025 වසරේ අප්‍රේල් මාසයේදී ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 646.1ක අගයට සාපේක්ෂව 18.8%ක වර්ධනයකි. රැකියා සඳහා විදේශගත වන පිරිසේ වර්ධනයක් දක්නට ලැබෙන අතර, විශේෂයෙන්ම පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශගත වන පිරිස කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
















