ගජමුතු සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හාලිඇල පොලිස් වසමේ උඩුනුවර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩුවර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි. ඊයේ (09) සිදු කළ මෙම වැටලීමේදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 30 සහ 31 වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් හාලිඇල හා පතනවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
















