අද (2026.06.26) දින ශ්‍රී ලංකාවේ රන් මිල යළිත් වරක් ඉහළ ගොස් ඇති බව සමස්ත ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය නිවේදනය කරයි.
පෙරේදා (24) දින කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 376,000ක මිලකට අලෙවි වූ අතර, අද දින එය රුපියල් 3,000ක මිල ඉහළ යාමක් සමඟ රුපියල් 379,000ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ හා සමානව, කැරට් 22 රත්තරන් පවුමක මිලෙහිද ඉහළ යාමක් පෙන්නුම් කරයි. පෙරේදා රුපියල් 346,000ක් ලෙස පැවති කැරට් 22 රත්තරන් පවුමක මිල, අද රුපියල් 2,700ක වැඩි වීමක් සමඟ රුපියල් 348,700ක් ලෙස අලෙවි වේ.
















