රන් ආභරණ මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පාරිභෝගිකයන් සඳහා අද (25) දිනයේදී රන් මිල ගණන්වල වාසිදායක වෙනසක් වාර්තා වී තිබේ. වෙළෙඳපොළ මිල ගණන් අනුව ග්‍රෑම් 8ක (පවුමක) රන් මිල ගණන් පහත පරිදි වේ.
කැරට් 24 ග්‍රෑම් 8ක් (පවුමක්) මිලදී ගැනීමේ මිල රුපියල් 365,920ක් ලෙසත් එහි විකුණුම් මිල රුපියල් 394,990ක් ලෙසත් දැක්වේ. කැරට් 22 ග්‍රෑම් 8ක් මිලදී ගැනීමේ මිල රුපියල් 335,246ක් සහ විකුණුම් මිල රුපියල් 361,860ක් ලෙස සටහන් වේ.
එමෙන්ම කැරට් 21 ග්‍රෑම් 8ක් මිලදී ගැනීමේ මිල රුපියල් 320,270ක් සහ විකුණුම් මිල රුපියල් 345,575ක් වන අතර, කැරට් 18 ග්‍රෑම් 8ක් මිලදී ගැනීමේ මිල රුපියල් 274,480ක් සහ විකුණුම් මිල රුපියල් 296,290ක් ලෙස පවතී.
















