රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට (21) පෙරවරු 11.30 සිට පස්වරු 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (20) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ 2026 වර්ෂය සඳහා වෙන් කරන ලද සහ මෙම වර්ෂය තුළ උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ. අනතුරුව, එදින පස්වරු 1.00 සිට 5.30 දක්වා සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
















