වී වගාවට අමතරව තවත් කෘෂිකාර්මික භෝග 13ක් සඳහා ද පොහොර සහනාධාරය ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් සාකච්ඡා කරමින් පවතින බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කර තිබේ.
දිවයිනේ කෘෂිකාර්මික ක්ෂේත්රය නංවාලීම සහ ගොවීන් නගාසිටුවීමේ අරමුණින් මෙම පියවර ගැනීමට අපේක්ෂා කරන අතර, ඒ හරහා මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, විවිධ භෝග වගා කරන ගොවීන්ට අවශ්‍ය සහන සැලසීමටත් බලාපොරොත්තු වන බව පැවසේ. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ අංශ සමඟ සාකච්ඡා මට්ටමින් කටයුතු කරමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.














