වර්තමාන රජය කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළක් ලෙස සිදුකරන්නේ දිනකට පුද්ගලයින් දෙදෙනා බැගින් යම් චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගැනීම බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රජය සතුව වෙනත් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවයි.
තමන්ගේම වාහනයක් මිලදී ගැනීමට හැකි අනාගතයක් රජයේ සේවකයන්ට පොරොන්දු වුවද, අද ඔවුන් හාල් කිලෝ විස්සක් ණයට ගන්නා තත්ත්වයට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. තැපැල් ඡන්දයේදී රජයේ සේවකයන් පක්ෂපාතීව කටයුතු කළ ද, අද ඔවුන්ව ප්‍රසිද්ධියේ හොරුන් ලෙස හඳුන්වමින් රජයේ සේවකයන්ට අවමන් කරන බවත්, මෙවැනි අවමන් සහගත පාලනයක් මීට පෙර නිර්මාණය වී නොමැති බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
















