අල්ලස් හෝ දූෂණ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත රජය විසින් ගැසට් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ යෝජිත අල්ලස් හෝ දූෂණ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.
මෙම පනත් කෙටුම්පත ඊයේ (27) දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර, 2023 අංක 9 දරන අල්ලස් හෝ දූෂණ පනත සංශෝධනය කිරීම මෙහි අරමුණ වේ. ඉදිරියේදී අදාළ පනත් කෙටුම්පත අනුමත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.














