රුපියල් එක් කෝටි හතළිස් අට ලක්ෂයක් වටිනා ‘කුෂ්’ (Kush) මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන්තොටුපළෙන් පිට කරගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන පින්තාරුකරුවෙකි. ඔහු ඊයේ උදෑසන 9.25ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.
සැකකරු විසින් රැගෙන ආ ගමන් මල්ලේ කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 480ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සඟවා තිබී ඇත. ඒවා යාන්ත්‍රිකව සෝසේජස් කරල් ලෙස සකස් කර, ඒ මත චොකලට් තවරා, ජනප්‍රිය චොකලට් වෙළෙඳ නාමයක්ද මුද්‍රණය කර සුළං නොවදින ලෙස පැකට් කර තිබේ. එවැනි චොකලට් ඇසුරුම් 70ක මෙම මත්ද්‍රව්‍ය තොගය සූක්ෂ්ම ලෙස අසුරා, ගමන් මල්ලේ තිබූ තවත් සාමාන්‍ය චොකලට් සහ ටොෆී සමඟ කලවම් කර සඟවා ගෙනැවිත් ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.














