රජයේ ඉඩම් වගා කටයුතු සඳහා පුද්ගලයන්ට බදු දීමේදී දැනට අනුගමනය කරනු ලබන පටිපාටිය සහ අදාළ චක්‍රලේඛ යාවත්කාලීන කිරීමට රජය තීරණය කර තිබේ. ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවිරාච්චි මහතා සඳහන් කළේ, වර්තමානයට ගැළපෙන පරිදි පවතින චක්‍රලේඛ සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බවයි.
මෙම ක්‍රමවේදය සමාලෝචනය කර නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා 11 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර ඇත. එම කමිටුව ලබා දෙන වාර්තාව සහ නිර්දේශ පදනම් කර ගනිමින් ඉදිරියේදී නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය. මෙමගින් රජයේ ඉඩම් බදු දීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් සහ කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














