රාජ්‍ය සේවයේ පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මෙම වසර තුළ පුද්ගලයින් 120,000කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.
අධ්‍යාපන, සෞඛ්‍ය සහ කෘෂිකර්ම ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍රවල පවතින කාර්ය මණ්ඩල හිඟය අවම කිරීම මෙම බඳවා ගැනීම්වල ප්‍රධාන අරමුණක් බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව ගුරුවරුන් 30,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර, ඊට අදාළ තරග විභාග කඩිනමින් පැවැත්වීමට නියමිත බවද ඔහු පවසා ඇත. විභාගයෙන් සමත් වන අපේක්ෂකයින් කඩිනමින් සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු කිරීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් කර ඇති බවද සඳහන් වේ.
මේ අතර, දීර්ඝ කාලයක් තිස්සේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ග්‍රාම නිලධාරීන් 1,500කට අධික පිරිසක් බඳවා ගැනීමේ ක්‍රියාවලියද අවසන් අදියරට පැමිණ ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. 2025 වසරේදී උපාධිධාරීන් සහ සුදුසුකම්ලත් තරුණ තරුණියන් 35,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති බවද ඔහු පැවසීය.













