ශ්‍රී ලංකා රජය විසින් මෙම සතියේ පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි සහ අතිරේක අලෙවිය හරහා සමස්ත වශයෙන් රුපියල් බිලියන 110ක දැවැන්ත මුදලක් රැස් කරගෙන තිබේ.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සඳහන් කරන පරිදි, ප්‍රධාන වෙන්දේසියට අමතරව සිදු කළ අතිරේක භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හරහා පමණක් රුපියල් බිලියන 10ක මුදලක් උපයා ඇත. මෙම අතිරේක අලෙවිය සඳහා වෙළෙඳපොළ තුළින් රුපියල් මිලියන 46,180ක ඉහළ ඉල්ලුමක් ලැබී තිබීම ද විශේෂත්වයකි.














