2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 56,000ක් කඩඉම් ලකුණෙන් ඉහළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඉකුත් අගෝස්තු 9 වැනිදා පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 294,132 සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි අතර, ඉන් සිසුන් 289,867 දෙනෙකු විභාගය සඳහා පෙනී සිට ඇත. නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව සිසුන් 56,000ක් අදාළ කඩඉම් ලකුණට වඩා ඉහළ ලකුණු ලබාගැනීමට සමත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.














