සෞඛ්‍ය සේවයේ වෘත්තීය කාණ්ඩ හතරකට අයත් ක්ෂේත්‍ර 14ක් සඳහා නව නිලධාරීන් 1,444 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අද (01) අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී ඇත.
දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පවතින මානව සම්පත් අවශ්‍යතා සපුරාලීම, සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජනතාවට වඩාත් කඩිනම් හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙම පත්වීම් ප්‍රදානයේ ප්‍රධාන අරමුණු වේ. මෙහිදී කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා, ප්‍රාථමික ශිල්පීය සේවා, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා සහ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා යන කාණ්ඩ යටතේ වෛද්‍ය සැපයීම් සහකාරවරුන්, වාට්ටු ලිපිකරුවන්, සෞඛ්‍ය රියදුරන්, සෞඛ්‍ය කාර්ය සහායකයන් (651ක්) සහ ක්ෂේත්‍ර මදුරු මර්දන සහායකයන් (285ක්) ඇතුළු පිරිසකට පත්වීම් හිමි වී තිබේ. රටේ මිලියන 21.7ක ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා රාජ්‍ය සේවයේ නිරත සෑම අයෙකුම තම වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
















