දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (23) පස්වරුවේ නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වේ. මෙම නිවේදනය හෙට (24) දිනය සඳහා ද වලංගු වන පරිදි නිකුත් කර ඇත.
උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම (Heat Index) ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම දිවා කාලයේදී මෙම තත්ත්වය වැඩි වශයෙන් බලපෑ හැකිය.
අධික උණුසුම නිසා සිරුරට විය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා වැඩිපුර ජලය පානය කිරීම, එළිමහනේ වෙහෙසකර කටයුතුවල නිරත වීම සීමා කිරීම සහ සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම වැනි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














