හෙට (01) දින උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (01) දින දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.














