දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (21) දිනයේදී ඉතා ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.2ක් ලෙස පොළොන්නරුව කාලගුණ මධ්‍යස්ථානය මගින් වාර්තා කර ඇත. පවතින අධික උණුසුම හේතුවෙන් ජනතාවට සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටී.
මෙවැනි ඉහළ උෂ්ණත්වයක් පවතින අවස්ථාවලදී සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙසත්, අව්වේ වැඩ කරන පුද්ගලයින් වැඩි වශයෙන් විවේක ගැනීම සහ ආරක්ෂිත ඇඳුම් පැළඳුම් භාවිත කරන ලෙසත් සෞඛ්‍ය අංශ විසින් සිහිපත් කරනු ලැබේ.
















