ශ්‍රී ලංකාවේ සත්කාර සේවා අංශය (Hospitality Sector) වඩාත් විධිමත් වෘත්තීය මට්ටමකට ගෙන ඒම අරමුණු කරගත් දිස්ත්‍රික් මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කර තිබේ. “ශ්‍රී ලංකාවේ සත්කාර සේවා අංශය වෘත්තීය තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය කුසලතා, ප්රමිතීන් සහ සමාජ ආරක්ෂණය” යන මැයෙන් පැවති මෙම එක්දින වැඩමුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබ ඇත.
මෙමඟින් සත්කාර සේවා ක්ෂේත්රයේ නියැලී සිටින පිරිසගේ වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සේවාවන් පවත්වාගෙන යාම සහ ඔවුන් සඳහා නිසි සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි පුළුල් අවධානයක් යොමු කර තිබේ. දිවයින පුරා සත්කාර සේවා ක්ෂේත්රය නගාසිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මාලාව ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්ක ද ආවරණය වන පරිදි පුළුල් කිරීමට නියමිතය.













