මෙරට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවත්, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය මේ වන විට හෙරොයින් පරද්දා ඉදිරියට පැමිණ ඇති බවත් රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු පෙන්වා දෙයි.
‘රටම එකට’ ජාතික මෙහෙයුමට අදාළව පැවති විෂ මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දිනකට පුද්ගලයින් 80ත් 100ත් අතර ප්‍රමාණයකට ජීවිතක්ෂයට පත්වන බවයි. මෙරට වැඩිම ජීවිත ප්‍රමාණයක් බිලිගන්නා ප්‍රධාන හේතුව දුම්පානය වන අතර, ඒ හරහා දිනකට පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියයන බවත්, මධ්‍යසාර භාවිතය නිසා දිනකට පුද්ගලයින් 10-15ත් අතර ප්‍රමාණයක් මියයන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. රිය අනතුරු, සියදිවි නසාගැනීම් හෝ වෙනත් කිසිදු තනි හේතුවක් නිසා මෙතරම් දිනපතා මරණ සංඛ්‍යාවක් වාර්තා නොවන බව ඔහු අවධාරණය කළේය.














