2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බද්දේ අවසන් ගෙවීම සැප්තැම්බර් 30 වනදාට පෙර සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට මතක් කර තිබේ.
ඒ අනුව සමාගම්, පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර සඳහා අදාළ අවසන් ආදායම් බදු ගෙවීම් නියමිත දිනයට සිදුකළ යුතු බව IRD සඳහන් කරයි. බදු ගෙවීමේදී අදාළ TIN, බදු වර්ගය, තක්සේරු වර්ෂය සහ DIN වැනි තොරතුරු නිවැරදිව භාවිත කිරීම වැදගත් වේ.
නියමිත දිනෙන් පසු සිදුකරන ගෙවීම් ප්‍රමාද ගෙවීම් ලෙස සැලකිය හැකි අතර, ඒ සඳහා අදාළ පොලී සහ දඩ මුදල් පැනවිය හැකි බව IRD අවධාරණය කර තිබේ. ප්‍රමාද ගෙවීම් සඳහා අය කෙරෙන පොලී මුදල් අත්හැරීමක් හෝ අඩු කිරීමක් සිදු නොකරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
බදු ගෙවන්නන්ට IRD හි Online Tax Payment Platform හරහා ගෙවීම් සිදුකළ හැකි අතර, අදාළ ගෙවීම් නම් කරන ලද බැංකු ශාඛා හරහාද සිදුකළ හැකිය.
















