විදේශ රැකියාවල නිරතව සිටියදී මරණයට පත්වන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදම රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති උත්සවයකදී විදේශ රැකියාවලදී මියගිය ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ ඥාතීන් වෙත රුපියල් කෝටි 7ක වන්දි මුදල් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වත්මන් රජය බලයට පත්වීමට පෙර ලබා දුන් පොරොන්දුවක් ප්‍රායෝගිකව ඉටු කරමින් මෙම වන්දි මුදල ලක්ෂ 20 දක්වා වැඩි කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














