ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ශිෂ්‍යභට බලකායන් අතර ක්‍රියාත්මක වන තරුණ හුවමාරු වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා දෙරටේ ආයතන අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා කර ඇත.
මෙම ගිවිසුම හරහා ඒකාබද්ධ විශේෂිත පුහුණු සහ නායකත්ව වැඩසටහන් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජිකයින් හුවමාරු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම අවබෝධතා ගිවිසුමට එළඹීමේ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.














