ඉන්දීය රෙදිපිළි අමාත්‍ය ගිරිිරාජ් සිං මහතාගේ ආරාධනයෙන් නවදිල්ලි නුවර පැවැත්වෙන ‘Barath Tex’ ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහභාගී වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ඉන්දීය රෙදිපිළි රාජ්‍ය අමාත්‍ය පබිත්‍රා මාගරිටා මහතා අතර පසුගියදා විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය නවීකරණය කිරීම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් තාක්ෂණික සහ ආයෝජන සහාය ලබා ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. ඒ අනුව, ඉන්දියාවේ ජාතික මෝස්තර තාක්ෂණ ආයතනය (NIFT) හරහා ශ්‍රී ලාංකික සිසුන් සඳහා උපාධි මට්ටමේ පුහුණු වැඩසටහන් දියත් කිරීමට සහ විෂය නිර්දේශ හා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට දෙපාර්ශවය එකඟ විය.
මීට අමතරව සාම්ප්‍රදායික අත්යන්ත්‍ර (Handloom) රෙදිපිළි සහ නවීන තාක්ෂණික රෙදිපිළි (Technical Textiles) නිෂ්පාදනය සඳහා දෙරටේම ඇති හැකියාවන් ඒකාබද්ධ කරමින් ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සඳහා ඉන්දීය තාක්ෂණික සහ ආයෝජන දායකත්වය ලබා ගැනීමටත් අවධානය යොමු විය.
2027 වසරේ පැවැත්වීමට නියමිත “Expo 2027” ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඉන්දීය ආයෝජකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සහභාගීත්වය ලබා ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවේ කර්මාන්තකරණය නව මානයකට ගෙන යාම සඳහා මෙම හමුව වැදගත් පියවරක් වනු ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
















