ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය, 2026 මැයි මාසයේ වාර්තා වූ 5.4% සිට 2026 ජුනි මාසයේදී 6.5% දක්වා ඉහළ ගොස් තිබේ.
ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 2026 මැයි මාසයේ පැවති 1.5% සිට 2026 ජුනි මාසයේදී 3.3% දක්වා ඉහළ ගොස් ඇත.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද 2026 ජුනි මාසයේදී 9.3% දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර මාසයේදී වාර්තා වූයේ 8.6%ක් ලෙසිනි.














